Facts
Introduction: ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය පොත්, කෙටි සටහන් (Short Notes) සහ අනෙකුත් අධ්‍යාපනික උපකරණ දැන් Mehewara හරහා ගෙදරටම ගෙන්වා ගත හැක. ආරක්ෂිතව සහ නිවැරදිව Order එකක් දමන ආකාරය පහතින් ඉගෙන ගන්න.
පළමුව, ඔබගේ User Name සහ Password භාවිතා කර Mehewara ගිණුමට Log වන්න. (ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම් "Create Account" හරහා ලියාපදිංචි වන්න).
Dashboard එකේ වම්පස ඇති මෙනුවෙන් "Bookstore" වෙත යන්න.
Search Bar එක භාවිතා කර ඔබට අවශ්‍ය පොතේ නම හෝ ගුරුවරයාගේ නම සොයන්න.
ඔබ කැමති පොත මත Click කරන්න.
භාණ්ඩයේ විස්තර පිටුවට (Product Page) ගිය පසු, එහි මිල සහ විස්තර පරීක්ෂා කර "Add to Cart" බටන් එක Click කරන්න. එවිට එම භාණ්ඩය ඔබේ Shopping Cart එකට එකතු වේ.
තිරයේ දකුණු පස පහළ ඇති බෑගයක හැඩය ගත් අයිකනය (Cart Icon) Click කරන්න.
එවිට විවෘත වන Cart Drawer එකේ ඔබ තෝරාගත් භාණ්ඩ සහ ගෙවිය යුතු මුළු මුදල (Total Amount) දිස්වේ.
එහි ඇති "Checkout" බටන් එක ඔබන්න.
දැන් විවෘත වන Payment Window එකේ පහත විස්තර සම්පූර්ණ කරන්න:
Shipping Details: ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංක නිවැරදිව ඇතුළත් කරන්න.
Bank Transfer: තිරයේ පෙන්වන Bank of Ceylon (BOC) හෝ Commercial Bank ගිණුම් අංක වෙත අදාළ මුදල තැන්පත් කරන්න.
Upload Slip: මුදල් තැන්පත් කළ රිසිට්පතේ (Slip) හෝ Online Transfer Screenshot එකේ පැහැදිලි ඡායාරූපයක් "Upload Receipt" තීරුවට Upload කරන්න.
සියල්ල නිවැරදි නම් "Confirm Order" බටන් එක ඔබන්න. ඔබේ ඇණවුම සාර්ථක බවට පණිවිඩයක් ලැබෙනු ඇත. විකුණුම්කරු විසින් එය තහවුරු කළ පසු භාණ්ඩය ඔබ වෙත එවනු ලැබේ.
Content updated soon.
Content updated soon.